කුඹුරට ගිය කතක් පිළිස්සී මියයයි
අස්වනු නෙලූ කුඹුරකට ගිනි තැබූ කාන්තාවක් ඉන් නිකුත් වූ දුම සහ පිළිස්සුම් තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගොස් ඇත්තේ අනුරාධපුරය ගල්ගමුව, මීගලෑව,කටුගම්පොලගම ප්‍රදේශයෙන් පදිංචි 67 හැවිරිදි කාන්තාවක්.
ඇය අද උදෑසන සිය කුඹුරට ගොස් තිබුණේ එය නැවත අස්වැද්දීම සඳහා පිළිසකර කිරීමේ අරමුනින්.
කෙසේ වෙතත් මීගලෑව පොලීසිය පැවසුවේ ඇය පිළිස්සුම් තුවාල නිසා මියගියේද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවයි.